Shilpa Sayura 2009 Replication Notice

27th March 2009

ආයුබෝවන්
සියළු නැණසළ වෙත

ශිල්ප සයුර 100 ව්‍යාපෘතියට සහභාගී වීමට ඉල්ලුම් පත්‍ර එවූ ඔබ සැමදෙනාටම අපගේ ස්තූතිය පළකරන අතර, ඊ මේල් හා මගින් තෝරාගත් නැණසළ 100 යේ ලැයිස්තුව පළකර ඇත. එයට අයදුම් කල සෑම නැණසළක්ම ඇතුලත්වන අතර,අයදුම් පතක් එවූ ඔබගේ නැණසළ මෙම ලැයිස්තුවට ඇතුලත් නොවේනම්
වහාම 0714 333460 චාමර හෝ info@shilpasayura.org අමතන්න.

තෝරාගත් නැණසළ වෙත ශිල්ප සයුර මුදුකාංග හා තාක්‍ෂණික පුහුණුව ලබාදෙන
වැඩමුළු පහත ස්ථාන හා දිනයන්හි පැවැත්වෙන අතර සියළු වැඩමුළු හා පුහුණුව
පෙ.ව. 10 සිට 4.00 ද්ක්වා පැවැත්වෙන අතර යම් තාක්‍ෂණික හැකියාවක් සහිත
නැණසළ ක්‍රියාකරුවකු පැමිණීම අනිවාර්යය වේ. එක් නැණසළකින් එක් අයකුට වඩා සහභාගී වන්නේ නම් අමතරආහාර පාන හා පහසුකම් සැලසීම සඳහා කලින් දැන්වීමට කාරුණික වන්න.

මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා
අප්‍රේල් 02 - භාරතී නැණසළ, පේරාදෙණිය
(නන්දන මඩුගල්ල 0772099999 , ආනන්ද හිම් 0718109725, නිරෝෂ් 0716 517577)

මාතලේ දිස්ත්‍රික්කය හා අවට
අප්‍රේල් 03 - ඉනාමලුව බෞද්ධ මධ්‍යාස්ථාන නැණසළ
(ඉනාමලුව නායක හිමි 066-2286185, බඹරගස්වැව නැණසළ 066 4903583)

පොලොන්නරුව හා ත්‍රිකුණාමළය දිස්ත්‍රික්ක
අප්‍රේල් 04 - හිඟුරක්ගොඩ බෞද්ධ මධ්‍යාස්ථාන නැණසළ
(සම්පත් 0716 851353 )

අනුරාධපුරය හා පුත්තලම දිස්ත්‍රික්ක
අප්‍රේල් 08 - අනුරාධපුර පුස්තකාල නැණසළ
(සජානි 0714-195190 සහ පුස්තකාලය 252222629)

අප්‍රේල් 10 - කුරුණෑගල වාණිජ මණ්ඩල නැණසළ
(තමින්ද 071-6318410, රනුක 037 4902898)

සෑම නැණසළකම ක්‍රියාකරුවන් තම දිස්ත්‍රික් නැණසළ ICT තානාපති මගින්
හඳුනාගත හැකිවිය යුතු අතර, එසේ නොවන අය නැණසළ අයිතිකරුගෙන් හැඳින්වීමේ ලිපියක් රැගෙන ආ යුතුය.

ශිල්ප සයුර 100 වැඩසටහන මුදුකාංග හා ප්‍රචාරක කට්ටල ලබාගන්නා සෑම
නැණසළක්ම 2009 අප්‍රේල් 20 ට පෙර එය තම නැණසළේ ආරම්භ කළ යුතු අතර
අප්‍රේල් 30 දිනට පෙර පූර්ණ වාර්ථාවක් අන්තර්ජාලයෙන් ඉදිරිපත් කළ යුතුය.
මේ සඳහා ඔබට සහය වීමට දිස්ත්‍රික් ශිල්ප සයුරසහය කණ්ඩායමක්ද වැඩමුළු
තුලින් හඳුනා ගැනේ.

ඔබ ලබාගන්නා ශිල්ප සයුර අවම නිසි හැකියා සහිත ක්‍රියාකාරීවරයකු/ක්‍රියාකාරීවරියකු යොදවා මාස 03 ක කාලයකට වඩා ක්‍රියාත්මක කළ යුතු අතර, ශිල්ප සයුර භාවිතා කිරීමට පරිඟණක සේවා සපයා ආදයම් ලබාගැනීමට හා එය ඔබ නැණසළේ දිගටම ක්‍රියාත්මක කිරීමේ අයිතිය ඔබ සතුවේ. මේ එකඟතාවය ශිල්ප සයුර 100 ට සහභාගී වීමේ අනිවාර්යය අංගයක් බව සලකන්න.

ශිල්ප සයුර 100 ICTA e-SDI මූල්‍ය සහය ලබන අතර මුදුකාංග හා සහය සේවා සඳහා කිසීම මුදලක් අය නොකෙරේ.

අප්‍රේල් 05 දා කැබිතිගොල්ලැවේදී නැණසළ ශිල්ප සයුර 100 නිල වශයෙන් දියත්
කෙරෙන අතර ඒ සඳහා පහසුකම් සපයන කැබිතිගොල්ලැව නැණසළේ දිලිප්(077 3961166) ඔබ සැමට ආරාධනා කරයි. මෙතෙක් ශිල්ප සයුරේ සාර්ථකත්වය එහි ප්‍රජා �